Potatoes, onions and lentils set to be imported

 රාජ්‍ය වාණිජ විවිධ නීතිරසේගත සංස්ථාව සහ සමූපකාර තොග වෙළඳ සංස්ථාව මැදිහත් වී අල, ලූනු සහ පරිප්පු ආනයනය කිරීම සඳහා රජයේ විශේෂ අවධානයක් යොමුව තිබේ.



වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති ආහාර සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී මේ පිළිබඳව කරුණු අනාවරණය වී ඇත.




පවතින ආපදා තත්ත්වය හේතුවෙන් වගාබිම්වලට සිදුවූ හානි වාසියට හරවා ගනිමින්, ඇතැම් වෙළෙඳුන් විසින් අදාළ භාණ්ඩවල මිල ගණන් කෘතිමව ඉහළ නැංවීම පාලනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

ඒ අනුව රජය මැදිහත් වී ආනයනය කරනු ලබන මෙම අල, ලූනු සහ පරිප්පු තොග ලංකා සතොස සහ සමූපකාර අලෙවිසැල් ජාලය ඔස්සේ පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට අදාළ කමිටුවේදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.